රස ආහර කවලා

rasa ahara kawala

Lyrics

රස ආහර කවලා රන් කූඩුවෙ දමලා ඇති කරන්න ගත්ත මාල ගිරවී අත හරින්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා හිතුවද ඇය දාල යයි කියාලා...// මම බත් කෑවද ගිරවි කියල ඇහුවම... ඔව් මම බත් කෑව කියල කියනවා මම ගිරවි ගිහින් කැලේ අත හරින්නද... අනේ අනේ එපා කියනවා අපි ඇති කෙරුවත් රන් කූඩුවෙ දමලා කුස පිරෙන්න රස ආහර කවලා ගිරවුන් යනවලු ලැබුනොත් පැනලා ඔබ යනවද මටත් එහෙම කරලා වත්තෙ මල් පිපෙන්නෙ නෑ ගෙදර සිරියාවක් නෑ ඔබ නැත්තං ඒ දේවල් නෑ මේ ගිරවුන් හොඳ නෑ මගෙ ගිරවී එහෙම නෑ අත හැරියත් දාල යන්නෙ නෑ ඔබේ රෑන සමග පියඹා ගෙන යන්න කුඹුරට ගොස් අහුලාගෙන කන්න කැලේ ගහක රෑ කාලෙ ගෙවන්න ඔබට ආස නැද්ද ඒ විදිහට ඉන්න ඒ විදිහට ඉන්න ආසදැයි බලන්න මේ කූඩුවෙ දොර ඇරල තියන්න මාව දාල යන්න බැහැ නේද කියන්න මට ආසයි එය දැන ගන්න

Song Details

Sinhala Title
රස ආහර කවලා
English Title
rasa ahara kawala
එප

Artist

එම්.එස්. ප්‍රනාන්දු

View all songs →