බැංජො රබන් සද්දෙ බංගලාවෙ ඇහෙනවා

banjo raban sadde

Lyrics

බැංජො රබන් සද්දෙ බංගලාවෙ ඇහෙනවා වයින් බිබී බේබි හාමු සිංදු කියනවා සීතල පිණි කැට අහසින් කඩන් වැටෙනවා ආය නටන කල් ආසයි බලන් ඉන්නවා....// මාළු බැදල මස් පුච්චල කෑම හදන්නේ අපිට කලින් හොරෙන් ආය ගෙනත් කවන්නේ ඩිංග ඩිංග ආලවන්තකම් වැඩි වෙන්නේ මුර කූඩුවෙ එළිවෙනකම් හීන මවන්නේ බැංජො රබන් සද්දෙ.......... කන්ඩි කපල මැටි පාගල ගෙයක් හදන්නම් මූකලානෙ මම ඇවිදින් හේන් කොටන්නම් පොල්කටු මාලයක් දාල ඔබ සරසන්නම් පෝය එනව ඊට කලින් කැන්දන් යන්නම් බැංජො රබන් සද්දෙ..........

Song Details

Sinhala Title
බැංජො රබන් සද්දෙ බංගලාවෙ ඇහෙනවා
English Title
banjo raban sadde
චර

Artist

චාමර රණවක

View all songs →