Lyrics
අහසට සොඳුරුද සද කෙතරම්
ගසකට සොදුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මට නම්
හිත මැද පෙම්බරකම් සගවා
යන එන මග ඉගිබිගි කරමින්
හොද නෑ කරනා ඔය දගකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්
සුන්දර ඔය වත හින්දම තුන්‍යම නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මන් වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා
සුන්දර ඔය වත.......
අහසට සොඳුරුද සද කෙතරම්....
හිත මැද පෙම්බරකම් සගවා ........
සොදුරුද මා හට ඔබ කෙතරම්
අන්සතු මලකට ඇයි ලොභකම්
සෙනෙහස සොදුරුයි ලොව හැමකල්
හිමිනැති වු සද වෙයි ලතැවුල්
තැල්ලක් කර බැද කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා හිටියා
කන්දක් තරමට හිතුවේ ඇයි නුබ බිලිදුන් නිදි නෑ මන් යනවා
තැල්ලක් කර බැද ..........
අහසට සොඳුරුද සද කෙතරම් ......
හිත මැද පෙම්බරකම් සගවා
Song Details
- Sinhala Title
- අහසට සොඳුරුද සද කෙතරම්
- English Title
- ahasata soduruda sada
නඅ
Artist
නෙලු අධිකරි , කාශ්‍යප දිසානායක
View all songs →