Lyrics
මම බොහොම බය උනා
මගේ පණ එපා උනා
රෑ දොළහට හොල්මනකට
මාව අහුවුණා
මම බොහොම බය උනා
මගේ පණ එපා උනා
රෑ දොළහට හොල්මනකට
මාව අහුවුණා
මම උත්සවකට
ගියා සිංදු කියන්න
මට අපහු යන්න
ලැබුණා ජාමේ දොළහට
මම බැහැලා පාරට
හැරුණා කනත්ත දෙසට
මගේ ගිටාර් එක අතට
අරගෙන යන්ට යනකොට
සද්දයක් ඇසිලා මං
ආපසු බලන එකලට
කළු බල්ලෙක් ඇඟට
පැන්නනේ බුරාගෙන මට
මං හැරිලා පස්සට
ආපහු දුවන එකලට
කළු මිනිහෙක් උසට
හිටියනේ පාර හරහට
මම බොහොම බය උනා
මගේ පණ එපා උනා
රෑ දොළහට හොල්මනකට
මාව අහුවුණා
අන්න කෙනෙක් දුර සිට
එනවා පෙනුණා මෙමාට
මම දිව්වා එතනට
මේ විස්තරය කියන්ට
මම ලඟට ගිය විට
ඈ සුරකුමරිය ලෙසට
කිව්වා මෙමාට
බය නොවණු එයාට
ඔයා ගිටාර් ගහන්න
ලක්ෂන සිංදු කියන්න
මට අසයි නටන්න
කියලා කිව්වා මෙමාට
මම ගිටාර් ගහනවා
ලක්ෂන බයිලා කියනවා
තාලෙට එයත් නටනවා
මට දුකත් හිතෙනවා
මම කිව්වා එයාට
හොඳ නැහැ පාරේ නටන්න
අපි යමුකෝ එහාට
ගියා මිණී කනත්තට
මම ගිටාර් ගහනවා
ලක්ෂණ සිංදු කියනවා
මට මෙහෙම පේනවා
මළමිනී නැගිලා එනවා
මම බොහොම බය උනා
මගේ පණ එපා උනා
රෑ දොළහට හොල්මනකට
මාව අහුවුණා
සුදෝ එපා නටන්න
අපි යමුකෝ ගෙදරට
අපේ අම්මා ඔයාට
ආදරේ වෙවී හරියට
මම මෙහෙම කිව්වම
එයා පැන්නා අහසට
හූ කියාගෙන
නැවතත් පැන්නා පොළවට
එයා රවනවා මෙමට
මම ගැහෙනවා බයට
ඇගේ දත් දෙකක් දිගයි
ඇස් දෙක ගිණි ගොඩක් වගෙයි
මම පැන්නා අහකට
ගිටාර් එක ගත්තා දෑතට
දුන්‍න ඔළුවට
ගිටාර් එකේ කෑලි හැලෙන්න
මේ ශබ්දය ඇහිලා
මුරකරුවෝ නැගිටලා
මට වතුර පොවාලා
බැස්සුවා ගෙදර ගෙනිහිල්ලා
මේ විස්තරේ අහලා
අපේ අම්මා බය වෙලා
මට බලියක් ඇරලා
ගත්ත මාව බේරලා
මම බොහොම බය උනා
මගේ පණ එපා උනා
රෑ දොළහට හොල්මනකට
මාව අහුවුණා
Song Details
- Sinhala Title
- මම බොහොම බය උනා
- English Title
- mama bohoma baya una
- Artist
- මැක්ස්වෙල් මෙන්ඩිස්
මම
Artist
මැක්ස්වෙල් මෙන්ඩිස්
View all songs →