උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා

unmadaniye wen wee

Lyrics

උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා සන්වේගය ඉවසමි මම කදුලු හලාලා ඔබගෙන් තව පැල්පතකට එලිය ගෙනේවා මට දුන් දුක වෙන හදවතකට නෙදැනේවා උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා..... ඔබේ දෙනෙත් අභියස එක රුවක් මැවේවා ඉබේ සැලෙන සිත මින්පසු වෙනස් නොවේවා..// අගේට දිවි කුසලානය මිහිර පිරේවා... මගේ දුකත් ඔබෙ සන්තෝසයට හැරේවා උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා සන්වේගය ඉවසමි මම කදුලු හලාලා ඔබගෙන් තව පැල්පතකට එලිය ගෙනේවා මට දුන් දුක වෙන හදවතකට නෙදැනේවා උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා.. අවුවෙහි ඇති සැඩ රැස් මාලා අඩුවේවා ගවුවෙන් ගවුවට සුවිසල් මැදුරු මැවේවා..// දුක දොම්නස බාධක කම්කටොලු දැවේවා.... සිහිනෙන්වත් පීඩාවක් ඔබට නොවේවා උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා සන්වේගය ඉවසමි මම කදුලු හලාලා ඔබගෙන් තව පැල්පතකට එලිය ගෙනේවා මට දුන් දුක වෙන හදවතකට නෙදැනේවා උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා.. උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා..

Song Details

Sinhala Title
උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
English Title
unmadaniye wen wee
H

Artist

H.R.ජෝතිපාල

View all songs →

උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා (unmadaniye wen wee) | Tediya Lyrics