Lyrics
ආදරේ නාමයෙන් ඉවසමී හැම වේදනා
හිතම හයියයි නොවැටුණේ
ඔබට ඇති ආදරේ නිසා
කදුලකින් හිත පාරලා
රිදුනේ නැත කිසිදා
ඔබ දිහා බල බලා
දිනමි ලොව මම සදා
දුහුලුවට නැති පිරිමි හිත මැද
සිහින ඇත පිරිලා
පෙමක හිර වුණු හදක අසිරිය
ලොවම නැත දැකලා
ඔබ මගේ අද හුස්ම පොද ටික
නැතිව මං මැරිලා
තුරුලු කර ගෙන ඇස් පියා ගමු
සතුට එය සැමදා
කදුලු බර නැත හිතට පුරුදුයි
දුකම ඇත විදලා
යකඩ දන් දත් දෙකට නොතැලේ
සුළග දුර දැකලා
ජවය ලය ඇත දිරිය මට ඇත
ජය ගනී සැමදා
සදුන් සුවදයි කපා හැලුවත්
හැඩුවේ නැත කිසිදා
ආදරේ නාමයෙන් ඉවසමී හැම වේදනා
හිතම හයියයි නොවැටුණේ
ඔබට ඇති ආදරේ නිසා
කදුලකින් හිත පාරලා
රිදුනේ නැත කිසිදා
ඔබ දිහා බල බලා
දිනමි ලොව මම සදා
Song Details
- Sinhala Title
- ආදරේ නාමයෙන් ඉවසමී හැම වේදනා
- English Title
- adare namayen iwasami
- Artist
- ලවන් අභිෂේක්
ලඅ
Artist
ලවන් අභිෂේක්
View all songs →