Lyrics
මිහිරැති වසන්ත කාලේ
කිම ඔබමෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ//
සිතුවිලි සිතුම් සඳැල්ලේ
ළතැවී සිටින් නිදැල්ලේ//
මිහිරක් කොහෝද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ
මිහිරැති වසන්ත කාලේ...
දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා//
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමා වූ
මිහිරැති වසන්ත කාලේ.....
Song Details
- Sinhala Title
- මිහිරැති වසන්ත කාලේ
- English Title
- mihirathi wasantha kale
- Artist
- සතිෂ් පෙරේරා
සප
Artist
සතිෂ් පෙරේරා
View all songs →