හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්

hudekala wiramayedi

Lyrics

හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක් හමුවෙලා කියන්න තියෙන දේනොවේ සැකක් මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක් ආදරේ කියා කියන්න ලංවෙලා ටිකක්// මුනගැසී කියන්න බැරිව නම් ප්‍රියාදරේ රෑ පුරාම නිදි වරා පැතූ පැතුම් දිගේ// හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ හඩ හඩා ඔබේ නමින් ගෙවෙන්නේ ජීවිතේ හුදෙකලා විරාමයෙදි......... රන් හුයෙන් බැදෙන්නෙ ලෝකෙ ප්‍රථම ප්‍රේමයක් හදවතින්ම පිදුනුදාය ප්‍රේම තිලිනයක්// ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක් ආදරේ කියා කියන්නේ දේව ගීතයක් හුදෙකලා විරාමයේදි..........

Song Details

Sinhala Title
හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්
English Title
hudekala wiramayedi
අප

Artist

අසංක ප්‍රියමන්ත

View all songs →