වෙරළේ මුහුදු වැල්ලේ කන්දේ ඈත නිල්ලේ

werale muhudu welle

Lyrics

වෙරළේ මුහුදු වැල්ලේ කන්දේ ඈත නිල්ලේ පොඩි  ළමයි අතින් අත අල්ලා දුවන්නා ළමයි රංචු අතරින් ඉන්නා පුංචි ළමයා ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා.....// හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ..... එහේ මෙහේ දුවන්නේ - එයා හරිම දගයිනේ දාංගලේ මං පොඩිදා වගෙයිනේ කහට බිංදු වැටිලා - කමිස පොඩි ඉරිලා ගනිච්චියක් ඒත් හිතට නොගන්නේ.....// හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ..... මගේ වගේ පුංචි දා - තෙල් ගා හිස පීරලා ඒත් ආයේ කොන්ඩේ අවුල් වෙලානේ ළමා ළපටි කල්ලියේ - මා වගේම මල්ලියේ ඔයා මමයි මට තාමත් හිතෙන්නේ.....// හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ..... වෙරළේ මුහුදු.....

Song Details

Sinhala Title
වෙරළේ මුහුදු වැල්ලේ කන්දේ ඈත නිල්ලේ
English Title
werale muhudu welle
සප

Artist

සී.ටී. ප්‍රනාන්දු

View all songs →