සුදු සඳුන් මලක සුවඳ දිගේ හිත පැටලෙනවා

sudu sadun malaka

Lyrics

සුදු සඳුන් මලක සුවඳ දිගේ හිත පැටලෙනවා මට කඳුළු දිදී නුඹෙ සුවඳට තව ළං වෙනවා ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා සඳුන් සුවඳ තවරාගෙන ඔය වත කමලේ ලැසි ගමන් ලතාවෙන් ආවා හැම හැන්දෑවේ අපි අනන්තයට යන්න නොවේ පාරමී පිරුවේ ඔබ මටත් හොරෙන් කොහෙද ගියේ නෑ මට කීවේ සුදු සඳුන් මලක...../ රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමී ඒ වේදනාව සතුටක් ලෙස අද විඳින්නෙමී ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමි අද සඳුන් මලක සුවඳ මගේ තනි රකින්නෙමි සඳුන් මලක සුවඳ...../

Song Details

Sinhala Title
සුදු සඳුන් මලක සුවඳ දිගේ හිත පැටලෙනවා
English Title
sudu sadun malaka
චව

Artist

චාමර වීරසිංහ

View all songs →