Lyrics
තිස්ස වැවේ ඉවුර ලගට
සිදාදියෙන් සදක් ඇවිත්
උකුලු මුකුලු පිනා හඩින්...
කවදාවත් නෙතු නොගැටුනු
මටත් හිතක් පහල වුනා
අමතක වී දුප්පත් කම්
හිස තැවරු අමුතු කුසුම
හිත කුල්මත් වෙලා ගියා
ගත තැවරු සබන් බුබුළු
මට වැඩියෙන් පින් කරලා...//
කොරලි පැටවු රංචු පිටින්
වීසි දැලින් පැනල ගියා..
ඈ දෙස මම නෙත් යොමාන
ඔරු කඳ ඈතටම ගියා.......
දිය කැට පහනට ඉහලින්
පෙම් දියවර උස්ව ගියා.
මගේ රුව ඈ නෙතු ගැටුනත්
සමච්චලෙන් හිනා වුනා...//
ඉරුනු සරමේ හිල් වැහෙන්න
දෙපොට දමා ඇඳ ගත්තා
හිතේ මැවුනු සොදුරු හැගුම්
සොරොව් කටින් එපිට ගියා
තිස්ස වැවේ ඉවුර ලගට
Song Details
- Sinhala Title
- තිස්ස වැවේ ඉවුර ලගට
- English Title
- thissa wewe iwura lagata
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →