සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ

sitha atharaman wela

Lyrics

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ වැහි වලාකුලක් නෑ පෙනෙන තෙක්මානයේ හද සසල වී ගියත් එදා දුටුව හීනයේ නෑ ලතැවුලක් මගේ චන්ද්‍ර කින්නරාවියේ....// අස්වැන්න ගොඩ ගසා තිබු කමත වේලිලා ගෙට ගන්න ඉඩක් නෑ එහි ගිහින් පේවිලා මට ඇහෙන්න ගී නොගයා මද සුලගේ පාවෙලා ඇවිදින් කාහල්ලා පුංචි කුරුලු හාමිලා... සිත අතරමං වෙලා.......... පිය මනිනවා නොවේ පා නැගෙයි මාවතේ ලොව නැවතිලා වගේ නීරසයි ජීවිතේ තව හිතන්න දේවල් විහගුනි නෑ මගේ හිතේ තෙපිත් ඉගිලියන් අහසට නොසිත කෑ පතේ.. සිත අතරමං වෙලා...........//

Song Details

Sinhala Title
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ
English Title
sitha atharaman wela
ඉප

Artist

ඉන්දික ප්‍රියසාද්

View all songs →