Lyrics
මේ කඳුළු තොටුපලයි සමුගෙන
යන්න මට බැරි..
මේ කඳුළු තොටුපලින් සමුගෙන
යන්න ඇයි බැරි..//
මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු..
ඔය ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු..
මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු..
ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු..
මේ කඳුළු තොටුපලයි....
අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිදිමින් පවුරු..
පෙම්පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරු..
දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවූ..
මව් සෙනෙහෙ පිරුනු කැදැල්ලකින් යන්නේ කවුරු...
මේ කඳුළු තොටුපලයි....
ගායනය : චන්දන ලියනආරච්චි, සුභානි හර්ෂණී
Song Details
- Sinhala Title
- මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි
- English Title
- me kadulu thotupalai
- Artist
- සුභානි හර්ෂණී
සහ
Artist
සුභානි හර්ෂණී
View all songs →