Lyrics
මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ
නිල් කෙතේ ...//
මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ
මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ
නිල් කෙතේ
මූණේ හසරැළි මුකුළු
දෑතේ දහඩිය පබළු
ආදරයේ මල් කැකුළු
අද රන් කෙත මැද පීදී ඇතිලූ
මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ
මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ
නිල් කෙතේ
ආසිරි සුළඟට වැදිලා
ආදර සුවඳක් දැනිලා
ජීවිතය ම රසවත් වීලා
සුභ මංගල දවසක සිරි මැවිලා
මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ
මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ ) ////
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ධර්මසිරි ගමගේ
තනුව - සරත් දසනායක
Song Details
- Sinhala Title
- මුව මදහාසේ සීපද රාවේ
- English Title
- muwa madahase seepada rawe
- Artist
- මිල්ටන් මල්ලවාරච්චි
මම
Artist
මිල්ටන් මල්ලවාරච්චි
View all songs →