ඈ ගෙන් ආයේ අයදින්නෑ ආලේ

egen aye ayadin na

Lyrics

ඈ ගෙන් ආයේ අයදින්නෑ ආලේ තනීවෙම් ලෝකේ උරුමයි මේ ශෝකේ නුඹ නම් මාගේ හැමදේ වූ කාලේ මොහොතක් ගානේ රිදවයි ඒ හීනේ හදවත් හදනා හදවත් බිඳිනා ආදරේ මට හමුවුනා... කවදත් රිදෙනා කවදත් දැවෙනා ආදරෙන් සමුගන්නවා... රෑක තුරූලේ ගැවසෙනා තෝඩු දෙතෝලේ පැටලෙනා සොඳුරු වූ ස්නේහාදරේ වියැකී ගියා කෝල දෑසේ ඇහීරිලා හාදු යායේ වැතිරිලා ගෙවුනු ඒ ප්‍රේමාදරේ මියැදී ගියා පිනි පොදයි ඒ ආදරේ මාව ජීවත් කලා පෙන බිඳයි ඒ ආදරේ මා තනිකලා රෝස යහනා පරවුනා හීන හඬලා වියලුනා අඳුරු වූ ගිම්හානයේ පියනගමී මා නීල අහසේ තරූ පවා පාළු මැකූවා මගෙ සදා සොඳුරු වූ වස්සානයේ නවතිමී මා

Song Details

Sinhala Title
ඈ ගෙන් ආයේ අයදින්නෑ ආලේ
English Title
egen aye ayadin na
රස

Artist

රොමේෂ් සුගතපාල

View all songs →