හිරිමල් මුවින් පානා සිනා

hirimal muwin paana sina

Lyrics

හිරිමල් මුවින් පානා සිනා කඳුලැල් මකාලන්න මා හද නිවා තුරුවැල් පවා සරදම් කළා හද පොපියනා මේ ආදරේ නුඹ මට දුන්නා යළි උදුරන්නෙ ඇයි ප්‍රේමියේ මා ජීවිතේ ඔබ පණ දුන්නා අද බිඳලන්නෙ ඇයි සොඳුරියේ මායම් කලාවේ සායම් සිනාසේ පායන් සඳේ මේ පෙම් ගී රැයේ පාලම් තොටේ දී කෝලම් කළා සේ ආයෙත් පෙමින් ලංවී ඉමු නගේ මේ යාමයේ ....... සංසාරයේ පෙරුමන් පුරා ආලෙන් වෙලී ඉන්න වෑයම් කළා අන්සතු නොවී ඔබ මගෙම වී රැක ගත්තෙ මා මේ ආදරේ නුඹ මට දුන්නා යළි උදුරන්නෙ ඇයි ප්‍රේමියේ මා ජීවිතේ ඔබ පණ දුන්නා අද බිඳලන්නෙ ඇයි සොඳුරියේ මායම් කලාවේ සායම් සිනාසේ පායන් සඳේ මේ පෙම් ගී රැයේ පාලම් තොටේ දී කෝලම් කළා සේ ආයෙත් පෙමින් ලංවී ඉමු නගේ මේ යාමයේ මා දිහා බලන් දිලිසෙනා නෙත් අගින් ආඩම්බරේ හැර දමා සිනාසෙන්නකෝ අදෙරෙන් මායම් කලාවේ සායම් සිනාසේ පායන් සඳේ මේ පෙම් ගී රැයේ පාලම් තොටේ දී කෝලම් කළා සේ ආයෙත් පෙමින් ලංවී ඉමු නගේ// මේ යාමයේ ....... ගායනය:- නදිමාල් පෙරේරා

Song Details

Sinhala Title
හිරිමල් මුවින් පානා සිනා
English Title
hirimal muwin paana sina
නප

Artist

නදිමාල් පෙරේරා

View all songs →