Lyrics
වැල් දොඩම් මලක
වැල්දොඩම් මලක සුදු මල්පෙති හරි සුමුදුයි
ඔබෙ මුහුන වගේ පුංචි නගේ..
දම් පැහැය ගත්ත එමල් රේනු ඔබෙ ඇස්දෙක වාගේ පුංචි නගේ..
සුලං සමග දඟ කරනා සුදු මල්පෙති වාගේ
සුලං සමඟ පොර බදනා සුදු සාරිය ඔබේ
බලං ඉන්න මට හිතුනා ඔය නෙත් දෙක ඔබෙ
මල් රේනු වගේ සැලුනා නෙත් පිහාටුවක් ඔබේ
සදෙන් සදට කල් ගෙවුනා ඔබ හන්දා මාගේ
නැකත් දවස ලඟ එනව අපෙ මංගල දිනේ
මලක් වගේ ඔබ තියලා රන් කූඩුවේ මාගේ
ඇහැක් වගේ ගනිමි බලා මගේ පුංචි නගේ
Song Details
- Sinhala Title
- වැල් දොඩම් මලක
- English Title
- wel dodam malaka
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →