Lyrics
ඉඳහිටවත් මා මතකෙට එන්නේවත් නැතිද
සෙවනැල්ල වගේ ළඟින් උන්න ඔබෙ හිතට
පාළු රැයක මා තනිකර යන්න තරම් දුරක
සවිය වුණේ කවුරුන්දැයි කියන්න හිතවතිය
සවිය වුණේ කවුරුන්දැයි කියන්න හිතවතිය
මේ මාවත් දිගේ ඇවිද එකතු කරපු මතක
තනිව ඇවිදිනා මගෙ හිත ඇවිලෙයි ගිනි ගොඩක
හදාගන්න ඔයාගේ හිත අමතක කර මාව
සවිය වුණේ කවුරුන්දැයි කියන්න
හිතවතිය
සවිය වුණේ කවුරුන්දැයි කියන්න හිතවතිය
මේ පවනේ හමා ඇදෙන ඔබෙ ආදර සුවඳ
මහා සැනසුමක් ගෙන එයි කඳුලු පිරුන නෙතට
වරදක්වත් නොවී මගෙන් රිදවන්නට මෙහෙම
සවිය වුණේ කවුරුන්දැයි කියන්න හිතවතිය
සවිය වුණේ කවුරුන්දැයි කියන්න හිතවතිය
ඉදහිටවත් මා මතකෙට එන්නේවත් නැතිද
සෙවනැල්ල වගේ ළඟින් උන්න ඔබෙ හිතට
පාළු රැයක මා තනිකර යන්න තරම් දුරක
සවිය වුණේ කවුරුන්දැයි කියන්න හිතවතිය
සවිය වුණේ කවුරුන්දැයි කියන්න හිතවතිය
Song Details
- Sinhala Title
- ඉඳහිටවත් මා මතකෙට එන්නේවත් නැතිද
- English Title
- idahitawath ma mathaketa
- Artist
- දමිත් අසංක
දඅ
Artist
දමිත් අසංක
View all songs →