Lyrics
දුටු දා ඉදලා මගෙ මන බැන්දූ
නෙතු දාහක් ලග මතකයෙ රැන්දූ
මට මොකටද හෙට ඔය සුර ලන්දූ
මම කියන්නේ දැන් ඔබටයි සින්දූ
අද නිදියන්නේ හෙට යලි ඇහැරෙන්නේ
හැමදාමත් මා ඔබව පතා
මටයි ඕනේ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුබෙ මුදු කෙහෙ රැල්ල
බාල කාලෙ හම්බවෙච්ච රෝස පෙම්බරී
දෑත අරන් ලගට ගන්න තාම නම් බැරී
ඈත පේනවාද අපේ පාර නම් හරි
නොනිද ඉන්න එපා හීන යාවි මගහැරී
දෙන්න උන්නෙ එකම පන්තියේ
මතකයි එදා පෑ සිනා ප්ර්මවන්තියේ
මටයි ඕනේ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුබෙ මුදු කෙහෙ රැල්ල
මගේ ගාව හිටිහැටි ඉඩ නොදී වැටෙන්න
තෑගි කරපු ආදරෙ තරමටම වටින්න
ලොව නැත කිසිවක් මව්පිය සෙනෙහෙ හැරෙන්න
ඔබයි රැජන වැටුනොත් මගෙ හිසට ඔටුන්න
දෙන්න උන්නෙ එකම පන්තියේ
මතකයි එදා පෑ සිනා ප්ර්මවන්තියේ
මටයි ඕනේ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුබෙ මුදු කෙහෙ රැල්ල
දුටු දා ඉදලා මගෙ මන බැන්දූ .......
Song Details
- Sinhala Title
- දුටු දා ඉදලා මගෙ මන බැන්දූ
- English Title
- dutu da idala mage mana
- Artist
- ජනිත් ඉද්දමල්ගොඩ
ජඉ
Artist
ජනිත් ඉද්දමල්ගොඩ
View all songs →