මල් පොකුරු පොකුරු ඇය එන මඟ

mal pokuru pokuru

Lyrics

මල් පොකුරු පොකුරු ඇය එන මඟ ඈ දෙසටම නැමීයන් මල් අසිරි සිරිය ඇගෙ මුහුණින් මල් පොකුරට ලැබීයන්...// නිල්ල නිලන ගහකොල මත පින්න පිපීලා ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා... පින්න පිපීලා ඇ ලඟ රංචු ගැහීලා ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා... මල් පොකුරු පොකුරු...// සිංදු කියන බමරු විලස ලංව නැමීලා අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා... ලංව නැමීලා සෙනෙහස දෙන්න කියාලා අයදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා... මල් පොකුරු පොකුරු...// ගායනය - වික්ටර් රත්නායක පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ

Song Details

Sinhala Title
මල් පොකුරු පොකුරු ඇය එන මඟ
English Title
mal pokuru pokuru
වර

Artist

වික්ටර් රත්නායක

View all songs →