සුහුඹුල් වත නිකැළැල්

suhubul watha mandakini

Lyrics

සුහුඹුල් වත නිකැළැල් සිප ගන්නැ රළු දෙතොලින් නම් කිසිදා ආදරේ හන්දා මුතුවැල් වගේ හසරැල් පරදාවි නිල් මානෙල් මල් සැමදා ඔබේ රූ හන්දා රෑ පුරා මුළු රෑ  පුරා නිදිවරා මා නිදිවරා කල්පනා හීනයක තනි උනා මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණි මා යන්තම් සිප ගන්නම් තුරුලේ සඟවන් මල් මාලිනි මාගේ...... ඇහි පිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැහැවේ වරු ගානින් අඳුරේ මුදු වදනින් ඔබ ඇමතූ වේලේ හද පිපුනා මට දැනුනා ඔබ වෙනුවෙන් ආදරේ මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණි මා යන්තම් සිප ගන්නම් තුරුලේ සඟවන් මල් මාලිනි මාගේ...... නිල්  අහසින් බැස  ආ සඳ සාවී විල් තෙරදී අපි හමුවෙමු කුමරී දිගු දෙනුවන් මත මා දල්වන්නි සිප ගනිමි යලි හමුවී මතු දවසක ආදරේ මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණි මා යන්තම් සිප ගන්නම් තුරුලේ සඟවන් මල් මාලිනි මාගේ......

Song Details

Sinhala Title
සුහුඹුල් වත නිකැළැල්
English Title
suhubul watha mandakini
රස

Artist

රොමේෂ් සුගතපාල

View all songs →