අහං ඉන්න අහගෙන ඉන්න

ahan inna ahagena inna

Lyrics

අහං ඉන්න  අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුනනවා // ලය පුරා නෙකනෙක පාටින් මුතු මල් පෙති ඇහිරෙනවා පොද වැස්සක සීතල ඇවිදින් සිතට එබෙනවා කෝඩුකාර මල් රේණු අගින් සුවද බෙදනවා ඒ සුවඳින්ම ගේ හුස්ම රටා මවනවා අහං ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුනනවා සිලිසිලියේ හමන සුළග කොදුරන්නේ අපටමයි සතුටමිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි අහං ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුනනවා

Song Details

Sinhala Title
අහං ඉන්න අහගෙන ඉන්න
English Title
ahan inna ahagena inna
මග

Artist

මේකලා ගමගේ

View all songs →