දස වසරයි අම්මා නිහඬ වෙලා

dasa wasarai amma

🎤 Unknown ArtistSinhala lyrics

Lyrics

දස වසරයි අම්මා නිහඬ වෙලා අද වගේ මතකයි ලෝකේ විහිළු කළා මට අම්මා කෙනෙකුගේ අඩුව නොදැනෙන්න කවදාවත් තාත්තා මාව තනි නොකළා අපේ අප්පච්චී මාව නලවද්දී කිව්වේ මා වෙනුවෙන් අම්මා ලිව්ව කවි පන්ති කියා ගන්න බැරි වේදනාවක් හංගගෙන හිත ඇතුලේ හිනාවෙලා හිටියා මං ලොකු වෙද්දි නොදැනුවත්කමින් ගියා මමත් වැරදි පාරේ කුතුහලේ නිසා ආසා කළා සිගරට් දුමට හැමදේම තේරුණා මට හොඳට තාත්තා ගැහුවෙ තරහට නෙමෙයි හිතේ දුකට ගත වුණා කාලයක් පොරොන්දු කැඩුණු මම නිසා හැදුණ ද අපි අතර පරතරය තාත්තා කුඩම්මා ව ගෙනාවෙ මං නිසා මට දෙන්න සෙනෙහස තව දෙවෙනි මවකගේ රෑ හීතලෙන් වෙව්ලුම් කද්දී නුඹ අම්මට තුරුළු වුණා මෙලොවට බිහි කළ අම්මා නැතත් මම තනියම පුරුදු වුණා මගේ ඉදිරියේ මගේ ලෝකෙ සහමුලින්ම අඳුරු වුණා තාත්තේ මට සමාවෙන්න නුඹේ පවුල මැද්දෙන් මං හරස් වුණා මං වෙනුවෙන් ලෙය කිරට හැරවෙන්නෑ මට නැලවෙන්න කවි පද කිය වෙන්නෑ මම නිසා වැරදෙන්න කවදාවත් ඉඩ දෙන්නෑ බුදු සරණයි අපි ආයෙත් හමු වෙන්නෑ කවදාවත් වෙනස් කමක් නෑ කළේ ඇගේ ආදරේ මාව වෙනස් කළා ඉක්මනින්ම පාසලේ හැමදෙනා ප්රශංසා කරද්දී ඒ දෙන්නා කතා වෙනවා මම ගැන කාමරේ සතුටින් ගෙවී ගියා වසර දෙක තුනක් නුඹ මුළු ගෙදරම කෙරුවා පිළිවෙලක් මල්ලියේ, උඹ ඉපදුණු දා අම්මා තාත්තාටත් වඩා අයියා සතුටු වුණා ලෙන්ගතුයි එදා උඹ මට කාටත් වඩා උඹ දන්නේ කවුරු ගැනද මේ අයියට වඩා කරදඬු උස් මහත් වෙලා උඹ ලොකු වෙද්දි වෙනස් වුණා කුඩම්මා උඹ ඇගේ පුතා ඇය සාධාරණයි මං කවුද ඇගේ මේ ලෝකෙ අසාධාරණයි අම්මා කොහෙද මගේ වෛරයක් නෑ උඹ මල්ලි මගේ උඹෙ හැමදේටම අයියා තාත්තා වගේ තේරුම් ගනින් උඹ ඉගෙන ගනිං වැටිලා ඉන්න තැනින් අම්මව ගොඩ ගනිං ඉපදුණේ නැතත් එකම මව් කුසේ නුඹට වෙනස්කමක් නොකරමි හදවතෙන් මල්ලියේ රෑ හීතලෙන් වෙව්ලුම් කද්දී නුඹ අම්මට තුරුළු වුණා මෙලොවට බිහි කළ අම්මා නැතත් මම තනියම පුරුදු වුණා මගේ ඉදිරියේ මගේ ලෝකෙ සහමුලින්ම අඳුරු වුණා තාත්තේ මට සමාවෙන්න නුඹේ පවුල මැද්දෙන් මං හරස් වුණා මං වෙනුවෙන් ලෙය කිරට හැරවෙන්නෑ මට නැලවෙන්න කවි පද කිය වෙන්නෑ මම නිසා වැරදෙන්න කවදාවත් ඉඩ දෙන්නෑ බුදු සරණයි අපි ආයෙත් හමු වෙන්නෑ මතකද අමතකද පොඩි කාලේ කෙළිසෙල්ලම් වැලි පාරේ අත් අල්ලන් අයියා මග හමුවෙන්නන් ආයේ පාසලේදී විවේක කාලේ අම්මා කිව්වා අල්ලගන්න අයියගේ ම අතින් ආයේ නොතේරුණාට කාරණාව චකිතය හිත යට මගේ තිබ්බා ඒ හින්දා ඇවිද්දා මං කල්පනාවෙන් දැක්කා පව්, අම්මා නැති දරුවා කියලා අනුකම්පා කරලා හිස ඉම්බා වෙන්න ඇති සුළු වැරදි අතපසුවීම් ගෙදර හුරතලා මම දුරස් වුණා බැඳීම් එක වාසගමේ මුලකුරු එක නමින් අම්මා මාව වඩන් අල්ලගත්තේ උඹේ අතින් නොවුනට එක ලේ අපි එක දම්වැලේ දින සති ගෙවී ගියා දුක සැප වෙරළේ අපි ආස කළේ වෙලාව ගෙවන්න වෙරළේ දෑසේ සතුටු කඳුළුම නිතර දෙවේලේ ඇයගේ

Song Details

Sinhala Title
දස වසරයි අම්මා නිහඬ වෙලා
English Title
dasa wasarai amma
UA

Artist

Unknown Artist

View all songs →