Lyrics
මගේ පුංචි රෝසමලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා...//
කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය - නුඹට කියන්න..
තරහක් නැ නුඹ බැසයන්න....
මගේ පුංචි රෝස මලේ...//
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරණවානම්
ආසයි මම කවුළුපියන් - හැරලා තියන්න..
තරහක් නැහැ නෑවිත් ඉන්න
මගේ පුංචි රෝස මලේ...//
Song Details
- Sinhala Title
- මගේ පුංචි රෝසමලේ
- English Title
- mage punchi rosa male
- Artist
- අමරසිරි පීරිස්
අප
Artist
අමරසිරි පීරිස්
View all songs →