Lyrics
මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ
පාරට බැස්සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඩි ...
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපී තෙරපී අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳ හැටි මතකයි
මීවිතකින් ගත උණුසුම් වූවට
සිත උණුසුම් වේදෝ...
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා
මා ආපසු යනවා ...
කබාය ඉරිලා....
Song Details
- Sinhala Title
- මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
- English Title
- maha wessaka pera
- Artist
- W.D. අමරදේව
Wඅ
Artist
W.D. අමරදේව
View all songs →