ආදරයේ පාවෙන හැඟුමක් - පෙම් සිහිනේ

pem sihine

Lyrics

ආදරයේ පාවෙන හැඟුමක් ජීවිතයක් සෙව්වා..// පුරාණේ මගේ වූ ඔබේ ආදරේ මිරිඟුවක් තනිකමක් විතරමයි... පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී.. ඔබ මාගේ.. සිත රැවටූ මායාවී...// මා ළඟින් ලංවෙලා - ඔබ එදා කී කතා.. මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා.. ඒ තැනූ මාළිඟා - සුන්වෙලා ගිය දිනේ.. අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා.. පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී.. ඔබ මාගේ.. සිත රැවටූ මායාවී...// වස්සානයේ තනිවෙලා - තුරුළු වී උණුසුමේ.. දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි.. නුඹ මගේ හැම භවේ - දිව්රලා සෙනෙහසින්.. කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා.. පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී.. ඔබ මාගේ.. සිත රැවටූ මායාවී...//

Song Details

Sinhala Title
ආදරයේ පාවෙන හැඟුමක් - පෙම් සිහිනේ
English Title
pem sihine
පර

Artist

ප්‍රදීප් රංගන

View all songs →