Lyrics
හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ
කසාය පරාදයි වරදෙදි සැර ඔබේ
ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
ආදර මගෙ තාත්තේ...////
හිමාලෙට වඩා උසයි
දරදඬු හිත මගේ අයාලෙ ගිය දිනේ
කඳුලැල් මොනතරම් පිරුනද ඔය නෙතේ
ඒ ඔවදන් මා සුමඟට ගෙන මිස නෑ හැර ගියේ
අද මා සිටිනා තැන දැක සතුටින් අවවාද දේ
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
මතු සසරෙත් පතන්නෙ ඔබමයි තාත්තේ
හිමාලෙට වඩා උසයි...
කරදර ආ මගේ නොබියව ලඟ හිදී
දියුණුව දැක මගේ ආශිර්වාද දේ
නොදකින දෙවියන් වැන්දද ඔබමයි දෙවියන් වුනේ
උපදින හැම භවයකදිම වෙන්නද මම පුතු ඔබේ
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ
මතු සසරෙත් පතන්නෙ ඔබමයි තාත්තේ
හිමාලෙට වඩා උසයි...
Song Details
- Sinhala Title
- හිමාලෙට වඩා උසයි සෙනෙහස
- English Title
- himaleta wada usai
- Artist
- ජූඩ් රෝගන්ස්
ජර
Artist
ජූඩ් රෝගන්ස්
View all songs →