රන් ඇත පොට රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ

ran atha pota

Lyrics

රන් ඇත පොට රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ මල් වැල් ඉහිරුණු චීත්ත කොහෙන් සොයන්නේ රෑන් රෑන් දිගට හවරි කොහෙන් ලබන්නේ ආදරයක් පොදි බැඳගෙන මොකටද උපන්නේ ඈත ඉපිට ලන්දේ ඉදන්ම  මුකුළු කරනවා ඇගේ රුවට දෙවට දිගේ කැකුළු පිපෙනවා මා තනිවම ඈ තනිවම දෙතැන තැවෙනවා ඇගෙ මුව හසරැලි බලන්න යන්න හිතෙනවා නියර දිගේ නිතඹ සැළෙන රුවක් පෙනෙනවා ගොයම් කරල් ලැජ්ජාවෙන් බිමට හැළෙනවා දියට ගොසින් දිය නාගෙන මදෙස බලනවා ආදරයක් ඉවසන හැටි පුදුම හිතෙනවා ඕවිට ළග කෙකටිය මල් දියර හලනවා ඇගේ පැළට සමීරයෙන් සුවද ගෙනෙනවා තනිකඩ ජිවිතය මගේ සිහින මවනවා අත් වැල් නැති ආදරයක් මට හිමි වෙනවා රන් ඇත පොට රිදී හවඩී කොහෙන් ගෙනෙන්නේ මල් වැල් ඉහිරුණු චීත්ත කොහෙන් සොයන්නේ රෑන් රෑන් දිගට හවරි කොහෙන් ලබන්නේ ආදරයක් පොදි බැඳගෙන මොකටද උපන්නේ මම මොකටද උපන්නේ//

Song Details

Sinhala Title
රන් ඇත පොට රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ
English Title
ran atha pota
Hජ

Artist

H.R ජෝතිපාල මහතා

View all songs →