Lyrics
මුහුද හඬන වෙලාවේ
වෙරළේ තනියේ මේ යාමයේ
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ //
මෙලෙස තනි වෙලා
ඔබ කවුරුදැයි කියා
පවසන්න පැකිලෙන්නෙපා
කඳුළු පිස දමා
ඔය මුහුණ පෙන්නලා
හිනැහෙන්න හසරැල් මවා
මුහුද හඬන වෙලාවේ..
සිතිජ ඉමව්වේ
දුර ඈත දනව්වේ
මුසුවේවි සංකා ඇගේ
ඈ හෙලන කඳුළැලි
මුහුදටම යා වෙවී
මුහුද හඬයි ඈ හා බැඳී
මුහුද හඬන වෙලාවේ..
Song Details
- Sinhala Title
- මුහුද හඬන වෙලාවේ
- English Title
- muhuda hadana welawe
- Artist
- මදුමාධව අරවින්ද
මඅ
Artist
මදුමාධව අරවින්ද
View all songs →