Lyrics
මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
ජීවිතේ දුකයි ගලන්නෙ කදුළු මල් තමයි
කදුළු මල නුඹයි දැන්නම් සුවද නැති හැඩයි
අසම්මත පෙමක නුඹ කවිය වී හඩයි
මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
ලැමට තුරුලුවු ගෝමර සදට අත වනයි
මනමාලකම් කරන රෑ සද නුඔට තුරුලුවෙයි //
බාල බොලද නුඹේ හිතට සුවද හාදු දෙයි
හාදු දෙතොල් පෙතිවල කිරි සුවද ගලා යයි
මාලතී නුඹයි........
සද එළියේ රුවට සපිරි කුමුදු මල නුඹයි
කෝල කොමල රුව නුඔගේ අතින් අතට යයි //
කාසි කොළවලට සෙයිලෙමේ රැය පහන් කරයි
හෙටක් ගැන ඉතින් මට දැන් හිතන්නට බයයි
මාලතී නුඹයි........
Song Details
- Sinhala Title
- මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
- English Title
- malathi numbai
- Artist
- ලක්ෂ්මන් හිල්මි
ලහ
Artist
ලක්ෂ්මන් හිල්මි
View all songs →