ආදරයක හැඟුමක් සිතෙහි

adarayaka hagumak

Lyrics

ආදරයක හැඟුමක් සිතෙහි නොතිබුණු කාලෙක පෙර දිනෙහි මා හට ඔබ හමුවුණු විටදී මතකයි හද කිතිකැවුණු හැටි // දෙමාපියන් සොහොයුරන් වෙතේ හද පිදි ආදරෙ ඉමක් නැති // එහෙත් ඔයා මගෙ අනාගතේ මිහිර ගෙනේවිය හැඟුම් හිතේ ආදරයක හැඟුමක් සිතෙහි නොතිබුණු කාලෙක පෙර දිනෙහි මා හට ඔබ හමුවුණු විටදී මතකයි හද කිතිකැවුණු හැටි මදහස පා හිනැහෙන විටදී සුමුදු වදන් පවසන විටදී // මා හද තුල මින් පෙර නොරැඳී ආදරයක හැඟුමක් උපදී ආදරයක හැඟුමක් සිතෙහි නොතිබුණු කාලෙක පෙර දිනෙහි මා හට ඔබ හමුවුණු විටදී මතකයි හද කිතිකැවුණු හැටි // ගායනය - විජය කුමාරතුංග, මාලනී බුලත්සිංහල

Song Details

Sinhala Title
ආදරයක හැඟුමක් සිතෙහි
English Title
adarayaka hagumak
වක

Artist

විජය කුමාරතුංග

View all songs →