Lyrics
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරායා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
මිහිර දෙන වැස්‌ස වෙමු
දැවෙන කැලයට වසින
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඞහැරය වෙමු
දනන් නින්දෙන් මුදන
Song Details
- Sinhala Title
- සබඳ අපි කඳු නොවෙමු
- English Title
- sabada api kandu nowemu
- Artist
- ගුණදාස කපුගේ
ගක
Artist
ගුණදාස කපුගේ
View all songs →