පෙති ගිලිහී ගිය මල නුඹදෝ

pethi gilihi giya

Lyrics

පෙති ගිලිහී ගිය මල නුඹදෝ සයුරෙහි සැගවුනු රළ නුඹදෝ වළාවකින් වැසි සද නුඹදෝ මේ ලොව දිවි කතරේ එකම එක මලක්දෝ මේ ලෝකය මත පිපුනේ එකම එක රළක්දෝ මේ මහ සයුරෙහි නැගුනේ එකම එක සදක්දෝ වළාවකින් වැසුනේ එකම එක රුවක්දෝ මා අභිමුව රැදුනේ... මුකුලිත මලක් වෙලා පෙති ගිලිහුනාට කම් නෑ නිසල සයුරේ රළ වීලා සැගවී ගියාට කම් නෑ අමාවකේ සද වී නොපෙනී ගියාට කම් නෑ සෙනෙහස නොලද නිසා වෙන් උනාට කම් නෑ.. -අජිත් මුතුකුමාරණ-

Song Details

Sinhala Title
පෙති ගිලිහී ගිය මල නුඹදෝ
English Title
pethi gilihi giya
අම

Artist

අජිත් මුතුකුමාරණ

View all songs →