තාමත් ආදරෙයි මං

thama adarei man

Lyrics

තාමත් ආදරෙයි මං මගෙ ඇස් දෙකට වඩා ඔබ නැතිව කොහොම ඉන්නද මං ඉරණම ඔබේ නමට ලියා හීනයක් වගේ දැන් සෙනෙහස කදුළු වෙලා නොහඩා හඩමී ඉවසා ගනු බැරිම නිසා මතකය රිදවයි ආ ගිය තැන් කියලා පපුවට බර ඇයි දුක එතරම් පරණ වෙලා ඔබ මා හුස්මයි ආදරේ දිය වෙලා මං දන්නවා ඔයා තවමත් මට ආදරේ කියා නෙතු යට රස්නෙයි උණුසුම ඇයි රැදිලා සුසුමක සුවඳයි උණු කදුලක් තුරුලු වෙලා ආයෙත් ඉන්නම් හිස උකුලටම තියා මං දන්නවා ඔයා තවමත් මට ආදරේ කියා

Song Details

Sinhala Title
තාමත් ආදරෙයි මං
English Title
thama adarei man
ලඅ

Artist

ලවන් අභිශේක්

View all songs →