හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්

hitha mithuru sulaga

Lyrics

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන් අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින් දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින් වීදි පුරා වතුර පිරෙයි හෙමින් හෙමින් මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ තණ නිල්ලේ ගොහොරු සැදෙයි කථා නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ අප සමුගත් පසු වසින්න ගං හෝ වැව් ඉපිල ඉපිල ඉතිර යනතුරා හෝරා දෙක තුනක් ඉන්න නෑවිත් වැහි වළාපලේ කඩ ඉමෙන් මෙහා

Song Details

Sinhala Title
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
English Title
hitha mithuru sulaga
වර

Artist

වික්ටර් රත්නායක

View all songs →

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන් (hitha mithuru sulaga) | Tediya Lyrics