නිහඬ ගමනේ මේ තරම් දුර

nihada gamane me tharam dura

Lyrics

නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ... මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ.. බඹර නාදේ - ඇසෙන මානේ රැදෙනු මාගේ - සුවඳ වාගේ..// ප්‍රාර්ථනා තවරා - ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ... හිනැහෙනා කල්පනා.. ඔබ නිසයි ජීවිතේ... ඇඟිලිතුඩු තදකර මගෙ නලලේ.. සිහින සියුමැලි නුඹෙ දෙතොලතරේ.. ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ.. රහස නොහැඟේ මගෙම ලදුනේ... දෑත් විදා ලමැදේ - ආදරේ දෙන්න විදගන්න රිසිසේ.. නිමනොවේ කිසිදිනේ.. මේ පැතුම් මා හදේ... ලබන හැම ආත්මයම ඔබගේ.. ලඟම ඉන්නයි මම නම් පැතුවේ පනට පන දී මදිවි කතරේ.. නොයමි රහසේ රකිමි පනසේ.. නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ... මිහිරි මතකේ සැරිසරා නුබ නවාතැන් ගෙන දෑසේ.. බඹර නාදේ - ඇසෙන මානේ රැදෙනු මාගේ - සුවඳ වාගේ..//

Song Details

Sinhala Title
නිහඬ ගමනේ මේ තරම් දුර
English Title
nihada gamane me tharam dura
ශම

Artist

ශානිකා මධුමාලි

View all songs →