සියොතුන් ඉගිල ගියා

siyothun igila giya

Lyrics

සියොතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමා වී // ඔබ රිදවා දී වේදනා නෑ මා ඈ වෙත පෙම් බැන්දේ සියොතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමා වී දිවි කුසලානයෙ මී පුරවා යෙහෙලියෙ ඔබ මට ගෙන ආවා // දුරු කතරේ ඈ ඇසුරේ සිත නෑ කිසිදා රැඳුණේ සියොතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමා වී // වියැලුණු දෑසින් කඳුළු දියේ කෙම් බිම සොයනා මේ ගමනේ // ඔබ හඬවා නෑ හිනැහී හෙට මා ඔබගේ සෙවණේ සියොතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමා වී // ඔබ රිදවා දී වේදනා නෑ මා ඈ වෙත පෙම් බැන්දේ සියොතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමා වී

Song Details

Sinhala Title
සියොතුන් ඉගිල ගියා
English Title
siyothun igila giya
රබ

Artist

රෝහණ බෝගොඩ

View all songs →