Lyrics
ආදර වියෝ දුකින්
මා ගයන මේ ගී
ඔබ හට ඇසේවා
රණ හංසියේ
රණ හංසියේ මගේ රණ හංසියේ //
ඒ සොඳුරු විජිතේ
ඈ සිහින කුමරී
මා හා බැඳීලා
දිවි මං තලේ
ඒ දවස මා හා
නෑ දැන් රැඳීලා
මා ඉන්නෙ තනිවී
රණ හංසියේ
රණ හංසියේ මගේ රණ හංසියේ //
ඒ නීල දෑසේ
සෙනෙහේ සිනා රැල්
මා සනසවාලයි
සිහිනෙන් පවා
ඒ වේදනාවන්
මා හදවතට මෙන්
ඔබටත් දැනේදෝ
රණ හංසියේ
ආදර වියෝ දුකින්
මා ගයන මේ ගී
ඔබ හට ඇසේවා
රණ හංසියේ
රණ හංසියේ මගේ රණ හංසියේ ////
Song Details
- Sinhala Title
- ආදර වියෝ දුකින් මා ගයන මේ ගී
- English Title
- adara wiyo dukin maa
- Artist
- විජය බණ්ඩාර වැලිතුඩුව
වබ
Artist
විජය බණ්ඩාර වැලිතුඩුව
View all songs →