සොඬින් නෙලුම් මල ගෙනියන

sodin nelum mala

Lyrics

සොඬින් නෙලුම් මල ගෙනියන බතික්‌ රන් පටින් දිදුලන ඇතින්නියේ යදම් අමතකද පා බැඳි විලංගුවේ උතුම් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොන්දැයි ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි ඇතින්නියේ ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි වටින් මහ සෙනග ඇවිදින් සාදු කියා වැන්දයි නෙලුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි ඇතින්නියේ නෙලුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි

Song Details

Sinhala Title
සොඬින් නෙලුම් මල ගෙනියන
English Title
sodin nelum mala
අඅ

Artist

අතුල අධිකාරී

View all songs →

සොඬින් නෙලුම් මල ගෙනියන (sodin nelum mala) | Tediya Lyrics