මීදුමෙන් වැසී කදුයාය

meedumen wesii

Lyrics

මීදුමෙන් වැසී කදුයාය සලිත වී ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී නීල නිම්නයේ රතු රෝස මල් පිපී අපි වාගෙ ආදරෙන් හිනැහේවි ලං වෙවී ලා හිරුගේ සෙවනේ විඩා නිවා ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා සේද නිල්ලේ මල් යායේ ඇවිද යන්නයි හිත් මානේ ඔබය මාගේ රජ දහනේ කිරුල හිමි වූ මනමාලී ඔබය හීනය සන්තානේ වැතිර ඉන්නම් මේ හීනේ සිහින විමනේ සිහිලැල්ලේ ඉගිල යාදෙන් මැවු හීනේ මුහුදු වෙරළේ රළ වාගේ ඇවිත් කොදුරන් රන් ආලේ හමන නළ සේ හැන්දෑවේ තුරුළු වී ඉගිලෙමි ආයේ මීදුමෙන් වැසී කදුයාය සලිත වී

Song Details

Sinhala Title
මීදුමෙන් වැසී කදුයාය
English Title
meedumen wesii
භස

Artist

භාතිය සහ සන්තුෂ්

View all songs →