තිරය ඇරෙනවා තිරය වැහෙනවා

thiraya arenawa

Lyrics

තිරය ඇරෙනවා තිරය වැහෙනවා ඔල්වරසන් හඩ පැතිරෙනවා සඳලුතලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟසුඟ නටවනවා කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති නළ වතුරෙන් සැනහෙන දරුවෝ ගොයම් නැටුමකට දෑකැති ලෙළවති කුඹුරක් ඇස නොගැටුන දරුවෝ දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට කරළිය හිමි නැති අපේ ළමයි හේනට කුඹුරට ගත සවි දියකර කරළිය අබියස බලා හිඳී

Song Details

Sinhala Title
තිරය ඇරෙනවා තිරය වැහෙනවා
English Title
thiraya arenawa
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →

තිරය ඇරෙනවා තිරය වැහෙනවා (thiraya arenawa) | Tediya Lyrics