කම්බි තාප්පෙට හිර කරගෙන

kambi thappeta

Lyrics

කම්බි තාප්පෙට හිර කරගෙන මා අහස දිහා බලමින් අම්මේ මං කල වරද කියාපන් නුඹවත් හුළඟ දිගේ ඇවිදින් අම්මේ මලහිරු බැස යන විට නිල් අහසේ නුවර පන්සලේ හඬ අම්මේ බැතිය අරන් පෝලිමට දුවනවා වඳින්නෙ මහ රෑටයි අම්මේ පරණ චීත්තෙට ඔළුව තියාගෙන පන් පැඳුරේ සුව පහස ලැබී පුංචි කාලෙ ඉඳලම දුක් වින්දා කොස් ඇට වල රහ හොඳට දනී අම්මට තනියෙම නුවර එන්න බෑ බෝගම්බර මහ සයුර වැනී අම්මගෙ නම මම පපුවෙ කොටනවා ඉඳිකටු මිටියෙන් හැඩට ඇතී කම්බි තාප්පෙට හිර කරගෙන මා......... වාට්ටුවේ අය එකා වගේමයි පසු තැවි තැවි තනියෙම අඬලා රජසිටු මැතිවරු ලෝකෙ දකින්නේ මෙතන ඇවිල්ලයි දුක දැකලා තනිපංගලමේ මහ රෑ යාමේ නුඹ අඩනා හැටි මට මැවිලා කම්බිකූරු වල ඔළුව ගහනවා පපුවේ ගින්දර මට දැනිලා කම්බි තාප්පෙට හිර කරගෙන මා.........

Song Details

Sinhala Title
කම්බි තාප්පෙට හිර කරගෙන
English Title
kambi thappeta
චර

Artist

චාමර රණවක

View all songs →