කණ විදලා කොණ්ඩෙ පාට කරපු - පිටකවරෙ

kana widala konde pata - pitakaware - amu sindu

🎤 Sanjeew LonliyesSinhala lyrics

Lyrics

කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා සඳ මතින් ඇවිද ගිය විටකදි ඉඳුවර නෙතු අතරේ කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ

Song Details

Sinhala Title
කණ විදලා කොණ්ඩෙ පාට කරපු - පිටකවරෙ
English Title
kana widala konde pata - pitakaware - amu sindu
SL

Artist

Sanjeew Lonliyes

View all songs →