දැසමන් මලක් වගේ

de saman malak wage

Lyrics

දැසමන් මලක් වගේ - ප්‍රියංකරයි සුකූමලයි...... සුරංගනාවියක් වගේ - අහිංසකයි රටක් වටියි... කවුද................? මගෙ රත්තරන් හෙලේනා.....//// රාජ බෝජන නැත මට දෙන්නට.. සීන් සිනිදු සළු නැත මට දෙන්නට.. ගේදොර වතුපිටි නැත ගරු සරුවට.. යාන්තමට ඇත දිවි රැකගන්නට.. කවුද................? මගෙ රත්තරන් හෙලේනා.....//// දැසමන් මලක් වගේ.... පසුකරමින් මහ කදුවැටි ඕවිටි.. පාළු සොහොන්පිටි රබර්වතු බඩවැටි.. ගල්මුල් වල පය පැටලී වැටි වැටි.. මතකයි හඳපානේ කැන්දන් ආ හැටි.. කවුද................? මගෙ රත්තරන් හෙලේනා.....//// දැසමන් මලක් වගේ....

Song Details

Sinhala Title
දැසමන් මලක් වගේ
English Title
de saman malak wage
රබ

Artist

රෝහණ බැද්දගේ

View all songs →