ආඩම්බර සඳ සිරියහනට වැද

adambara sanda

Lyrics

ආඩම්බර සඳ සිරියහනට වැද ඇයි අද මේ තරමට දඟ කියන්න කියන්න කියන්න කියන්න පුන්සඳ කෞමතී මලක් යහනට එවන්නේ කවදද// දොර සිදුරෙන් ආල කැළුම් සිරි යහනේ අතුරලා රෑ කුමාරි මල් සුවඳක් සුළඟෙ එවයි දවටලා... ඕ.... හොඕ... හැමදාමත් සිහින වැලක් ඉහ ඉද්දර බොඳ කලා.... නීල වලා කෙඳි අමුණා යහන වටේ සරසලා සිකුරු තරුව කැන්දාගෙන යහනේ සරදම් කලා... පිණි කඳුලක් තබා හොරෙන් උදේම පිටමං වෙලා... ආඩම්බර සඳ සිරියහනට වැද...

Song Details

Sinhala Title
ආඩම්බර සඳ සිරියහනට වැද
English Title
adambara sanda
කක

Artist

කසුන් කල්හාර

View all songs →