Lyrics
මිහිරැති වසන්ත කාලේ
කීම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන්වී
තනිවී වේදනාවේ
සිතුවිලි සිතුම් සඳැල්ලේ
ලතවී සිටින් නිදැල්ලේ
මිහිරක් කොහෙද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ
මිහිරැති වසන්ත කාලේ...
දාහය ගතේ වෙලීලා
කඳුලැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා ඒ
සොයමින් ගෙවූ අතීතේ
සෙනහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමාවූ
මිහිරැති වසන්ත කාලේ...
ගායනය - සතිස් පෙරේරා
ගී පද - ප්‍රේම කීර්ති ද අල්විස්
Song Details
- Sinhala Title
- මිහිරැති වසන්ත කාලේ
- English Title
- mihirathi wasantha kale
- Artist
- සතිෂ් පෙරේරා
සප
Artist
සතිෂ් පෙරේරා
View all songs →