Lyrics
කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා
නියර දිගේ පෙළට වරෙල්ලා
තම දෙවියෝ සිහි කරපල්ලා
රන් දෑකැති අතට ගනිල්ලා
මෙදා කුඹුර සරුයි නගේ
අටුකොටු ටික පිරෙයි මලේ
නෙළුම් කවිය දැන් කියපල්ලා //
කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා
නියර දිගේ පෙළට වරෙල්ලා
තම දෙවියෝ සිහි කරපල්ලා
රන් දෑකැති අතට ගනිල්ලා
තම දෙවියෝ සිහි කරගෙන
කරල් අහුරු පීරාගෙන
රන් දෑකැති අතට ගනිල්ලා //
ගිරව් ගියේ නෑ හඳ හාවො ගියේ නෑ
බොල් අහුරක් නෑ කට වහක් වැදී නෑ
ගං වතුරක් නෑ සැඩ හැළඟක් හෙම නෑ
කිසි සැකයක් නෑ මෙදා අඟ හිඟයක් නෑ
කවුද කවුද රන්මලියේ
මඩ ගෑවේ උඹෙ නෙරියේ
විහිළු තහළු හෙට තියපල්ලා //
කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා
නියර දිගේ පෙළට වරෙල්ලා
තම දෙවියෝ සිහි කරපල්ලා
රන් දෑකැති අතට ගනිල්ලා
මෙදා කුඹුර සරුයි නගේ
අටුකොටු ටික පිරෙයි මලේ
නෙළුම් කවිය දැන් කියපල්ලා //
කට ඇදවෙන්නේ ඇස් නටවෙන්නේ
පද පැටලෙන්නේ ඉතින් මොකද කරන්නේ
පුංචි නිලමෙලා යසෝ මැණිකෙලා
කෙතට ගොඩ වෙලා වැඩේ මඩ කලා
කළු මැණිකා බැඳි කොණ්ඩේ
ඇයි කොල්ලෝ උඹ ඇද්දේ
ඒ කෙල්ලගෙ ඇස් රතුවෙනවා //
කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා
නියර දිගේ පෙළට වරෙල්ලා
තම දෙවියෝ සිහි කරපල්ලා
රන් දෑකැති අතට ගනිල්ලා
මෙදා කුඹුර සරුයි නගේ
අටුකොටු ටික පිරෙයි මලේ
නෙළුම් කවිය දැන් කියපල්ලා ////
Song Details
- Sinhala Title
- කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා
- English Title
- kiri wedunu goyama
- Artist
- උපාලි කන්නංගර
උක
Artist
උපාලි කන්නංගර
View all songs →