හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්

himi nowuna nethu

Lyrics

හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන් සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන් කඳුලකට අත වනන හදවත කොනින් මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම් බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන් මට හරිම පාළුයි මගේ රත්තරන් බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන් මට හරිම පාළුයි මගේ රත්තරන් හුරතල් වෙවී කනට කෙදිරූ වදන් මගෙ හිතම පිරවූ එදා එක වචනයක් වත් කියන්නට තරම් හිත දෙන්නෙ නැතිවද මෙදා ආදරෙන් දෑත අල්ලන් අපි එදා උන්නු සෙනෙහේ නමින් සිනහවී ඉන්න දැන්වත් ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන් සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා අද නම් ඔයා ලස්සනයි ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා මගෙ හිතට දැන් හරි බයයි පාළුවේ මාව තියලා දැන් එපායන්න එපායන්න එපා මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන් සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන් කඳුලකට අත වනන හදවත කොනින් මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම් බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන් මට හරිම පාළුයි මගේ රත්තරන් බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන් මට හරිම පාළුයි මගේ රත්තරන්

Song Details

Sinhala Title
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්
English Title
himi nowuna nethu
බස

Artist

බාචි සුසාන්

View all songs →

හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන් (himi nowuna nethu) | Tediya Lyrics