හඬනා තරම් මේ හිත මගේ

hadana tharam me hitha

Lyrics

හමුවුනු තැනින් වෙන් වෙන්න නම්.. ඇයි ලංවුනේ ඇපි මේ තරම්.. වාවන්නේ නෑ මේ හිත මගේ.. මතකෙන් ඔබේ දැවෙනා තරම්.. එකට එක්වී දුටුව සිහිනේ.. මඟින් නවතා ඔබයි හැරුනේ.. අදහන්න බෑ..හැරයන්නෙ ඔබම ද කියා.. හඬනා තරම් මේ හිත මගේ හැරයන්නෙ නෑ ඔබ දනී නම්.. හඬනා තරම් මේ හිත මගේ.. හැරයන්නෙ නෑ ඔබ දනී නම්.. හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න මතු මතුත් හැම භවේ.. වැටුනු මගෙ හිතට දිරිය දුන් ඔබම යන්නෙ ඇයි මේ වගේ.. හඬනා තරම් මේ හිත මගේ හැරයන්නෙ නෑ ඔබ දනී නම්..// යනෙන හැම තැනම පසුපසින් ඇවිද දිනුම දුන් මගෙ පන මගේ.. නැවත පැමිණේවි මටම හිමිවේවි කියනවා හිත මගේ.. හඬනා තරම් මේ හිත මගේ හැරයන්නෙ නෑ ඔබ දනී නම්..// හමුවුනු තැනින්...

Song Details

Sinhala Title
හඬනා තරම් මේ හිත මගේ
English Title
hadana tharam me hitha
සව

Artist

සේනානායක වෙරලියද්ද

View all songs →