ගිරිහෙල් මුදුනේ

giri hel mudune mahanel

Lyrics

ගිරිහෙල් මුදුනේ මහනෙල් නොපිපේ හිරු නොනැඟේ අවරගිරේහී ......// මහමෙර නොසැලේ සුළඟින් කිසි කාලේ නැත කළුපාට කිරේහි ..... ගිරිහෙල් මුදුනේ මහනෙල් නොපිපේ හිරු නොනැඟේ අවරගිරේහී .. සීතල වූ දිය මහ සාගරේ උණු වේවිද කවදා සාගරේ .....// කෝකිලා කවුඩා නොවේ.. නෑ එසේ වීලා නොවේ නිලමැසි සේනා අසලට නේනා...// භෘංගයා මිස නෙළුමේ...// ගිරිහෙල් මුදුනේ ..... දිනු ජාතිය වටිනා සිංහලේ... අභිමානවු දැය මේ සිංහලේ ..... ඒ........ඒ..............ඒ..... දිනු ජාතිය වටිනා සිංහලේ ...අභිමානවු දැය මේ සිංහලේ .... ඒ නිගා සිරිතේ ගැලී පා නොගා ඉඳිමූ දැලී පරසිරිතේනී ඔබ හෙළ මෑණී........// ඇයිද ශෝකෙට හෙළුවේ ...ඔබ හෙළ මෑණී ඇයිද ශෝකෙට හෙළුවේ ......... ගායනය: අල්හාජ් මොහිදීන් බේග් පද රචනය: කරුණාරත්න අබේසේකර

Song Details

Sinhala Title
ගිරිහෙල් මුදුනේ
English Title
giri hel mudune mahanel
අම

Artist

අල්හාජ් මොහිදීන් බේග්

View all songs →